
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අත්තනෝමතික ලෙස රේගු නීති රීති නීති වෙනස් නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමබින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ අත්තනෝමතික ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බව රේගු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් තමාට දැන්වූ බවයි.
රේගු වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර මෙම හමුව පැවත්වී ඇත්තේ පසුගිය 14 වැනි දිනයි.
අත්තනෝමතික ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බවත් එමගින් මෙරට ජාතික ආදායමට, නීත්‍යනුකූල වෙළඳාමට හා සමස්ත මහජනතාවට අහිතකර බලපෑම් ඇති විය හැකි බව එම හමුවේ දී අදාළ නියෝජිත පිරිස ප්‍රකාශ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අත්තනෝමතික ලෙස රේගු නීති රීති නීති වෙනස් නොකළ යුතු බවත් ඒවා වෙනස් කළ යුත්තේ විශේෂඥ අදහස් විමසීමකින් පසුව පමණක් බවත් මේ සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නියෝජිත පිරිසට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා රේගුව අයත්වන්නේ මුදල් අමාත්‍යාංශයේ විෂය පථයට වන අතර දැනට මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart