
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා තර්ජනය කළ ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය විශ්රාමික පොලිස් කොස්තාපල්වරියක බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා පැමිණිලිකාර පන්නිපිටියේ දෙපානම ප්රදේශයේ කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, අවස්ථා කීපයකදීම එම කාන්තාව සමඟම ලිංගිකව හැසිරී ඇති බවත්, එසේ ලිංගිකව හැසිරෙන දර්ශන නිලධාරියා විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති බවත් පොලිසිය පවසයි.
මේ සිදුවීම නිලධාරියාගේ බිරිය වන විශ්රාමික පොලිස් කොස්තාපල්වරිය විසින් දැනගැනීමෙන් පසු ඒ සම්බන්ධව කතාකිරීමට පැමිණිලිකාරියට අඹේපුස්සට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර, ඇය හමුවීමෙන් පසු විශ්රාමික පොලිස් කොස්තාපල්වරිය ඒ වීඩියෝ ඇයට පෙන්නා එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවත්, එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන ලෙසත් පවසා තර්ජනය කළ බව පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව 49 හැවිරිදි එම නිලධාරියා සහ ඔහුගේ බිරිය වන 47 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart