
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර පහළගම සණස ශාලාව ආසන්නයේ දී සම්බාහන මධ්‍යස්ථානයක අයිතිකරුවකුට සහ තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවකට ඊයේ 20 අලුයම 2.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් තෙරපිවරිය තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය පවසයි.
තුවාල ලැබූ කාන්තාව මාතර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින අතර සම්බාහන මධ්‍යස්ථානයේ අයිතිකරු වෙඩි ප්‍රහාරයෙන් බේරි ඇතැයි පොලිසිය පවසයි.
වෙඩිතබා ඇති බව රෝහල් ගතව ප්‍රතිකාර ලබන 33 හැවිරිදි කාන්තාවගේ දෑතටම වෙඩිවැදී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී 9. එම්.එම්. වර්ගයේ හිස් පිස්තෝල උණ්ඩ දෙකක් සොයාගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart