
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මෙරට නිල සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාවේ ප්‍රබලම සහය ප්‍රකාශ කරනු ඇති බවට වාර්තා වී තිබෙන පසුබිමක චීනය ද ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව ප්‍රකාශ කර තිබේ.
සිය සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ ඇමැති අලි සබ්රි හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
ජයිශංකර් ඇමැතිවරයා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.
ඉන්දීය නියෝජිතයන්ගේ මෙම සංචාරය මධ්‍යයේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඊයේ (ජුනි 19) බීජිං හිදී ප්‍රකාශ කර තිබුණේ චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාර කරන ආකාරයටම ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව සහාය දෙන බවයි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා චීන අගනුවර පැවති රාජ්‍ය තාන්ත්‍රික උපදේශන පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශක ලින් ජියන් මේ බව සඳහන් කර තිබිණි.
බ්ලූම්බර්ග් ස්නාගරාව විසින් ප්‍රශ්න කර තිබුණේ චීනය සහ ශ්‍රී ලංකාව අතර බෙයිජිංහිදී පැවති රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සාකච්ඡා චයිනා එක්සිම් බැංකුව සමඟ අවසන් ගිවිසුමකට හෝ චීන සංවර්ධන බැංකුව සමඟ ප්‍රතිපත්තිමය ගනුදෙනුවක් සඳහා ප්‍රගතියක් ලබා තිබේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශක ලින් ජියන් ප්‍රකාශ කළේ චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික උපදේශනවල 13 වැනි වටයේ දී චීන පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපරිමයෙන් සහාය ලබා දී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට සහාය වීම සඳහා අදාළ රටවල් සහ අන්තර්ජාතික මූල්‍ය ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart