
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ චාමරාජනගර් හි බඩනගුප්පේ කර්මාන්ත ප්‍රදේශයේ පිහිටි සිය සිසිල් බීම නිෂ්පාදන ඒකකයේ ආයෝජනය වේගවත් කිරීමට මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දීය කර්මාන්ත ඇමැති එම්.බී. පටිල් හමුවී තිබේ.
මෙරට ද සිසිල් බීම ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුරලිදරන් රුපියල් කෝටි 1000ක ආයෝජනයකින් චාමරාජනගර් දිස්ත්‍රික්කයේ ග්‍රීන්ෆීල්ඩ් ඒකකයක් සමඟින් සිය ව්‍යාපාරය පුළුල් කරමින් සිටින බව ඉන්දීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශයක් පවසයි.
මුත්තයියා මුරලිදරන් ද ඇමැතිවරයාට පවසා ඇත්තේ බීම කෑන් නිෂ්පාදනය කිරීම සඳහා ධර්වාඩ් හි තම ව්‍යාපෘතිය වෙන්කර ඇති බවයි.
ක්‍රිකට් ක්‍රීඩකයකු වූ මුත්තයියා මුරලිදරන් මේ වන විට ව්‍යාපාරිකයකු බවට පත්වී ඇති අතර ඔහුට දැන් අවශ්‍ය වී ඇත්තේ චාමරාජනගර් ඒකකයේ ඔහුගේ ආයෝජන රුපියල් කෝටි 1400 දක්වා ඉහළ නැංවීමට බව එම නිවේදනයේ දැක්වේ.
ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා කර්මාන්ත දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීම පිළිබඳ දෙපාර්ශ්වය අතර අඟහරුවාදා පැවති රැස්වීමේ දී අවධානය යොමු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart