
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අංගොඩ මානසික සෞඛ්‍ය රෝහලේ රෝගීන් විසින් පහරදීමෙන් හෙද නිලධාරියෙකු ඇතුළු සෞඛ්‍ය සේවකයන් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවින්ද්‍ර කහදවාරච්චි පවසයි.
මීට පෙරද තම සංගමය විසින් අංගොඩ රෝහල තුළ රෝගීන්ට අවශ්‍ය ජලය හා ආහාර ප්‍රමාණවත් නොවීම තුළ රෝගීන් කලබලකාරී ලෙස හැසිරීම පිළිබඳව බලධාරීන් දැනුවත් කළද එය දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙන බව ඔහු පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් හෝ රෝහල් බලධාරීන් මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර රෝහල් පරිපාලනය සම්බන්ධ ගොඩනැඟිලිවලට ජල ප්‍රශ්නයක්ද නැති බැවින් ඔවුනට මෙම ගැටලුව නොදැනෙනවා වුවත් රෝගීන් සමඟ සමීපතමව කටයුතු කරන හෙද කාර්ය මණ්ඩලයට මෙම ගැටලුව හොඳින් දැනෙන බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේනමුත් මෙම පහරදීමෙන් පසුව තුවාලකරුවන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පහසුකම් හෝ ඊට අදාළ නීතිමය තත්ත්වයන්ට මැදිහත්වීමට රෝහල් පරිපාලනය හෝ අදාළ විශේෂඥ වෛද්‍යවරුන් ක්‍රියා නොකිරීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අනාරක්ෂිතතාවකට හා කලකිර්මට පත්වී තිබෙන බව හෙද සංගමයේ සභාපති පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart