
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකර තිබේ.
සෙනසුරාදා කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් සේනාරත්න කියාසිටියේ තමන් නියෝජනය කරන කණ්ඩායම සහ රනිල් වික්‍රමසිංහ එකම ස්ථාවරයක සිටින බවත්, රට ගොඩනැගීමේ ප්රයත්නයන්ට සහාය දෙන බවත්, තමන් ද්‍රෝහියෙකු ලෙස සැළකීමට අවශ්‍ය නොවන බවත්ය.
සේනාරත්නට අනුව ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මන්ත්‍රීවරුන් 100කගේ පමණ එකමුතුවක් පිහිටුවීමට මේ වන විට කටයුතු කරමින් පවතී.
“ඉදිරි ජනාධිපතිවරණය ඓතිහාසික මෙන්ම තීරණාත්මක මැතිවරණයක්. කවුද ජනාධිපති වෙන්නේ කවුද දිනන්නේ කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ මේ රට ගොඩගන්නවද නැද්ද කියන එක. මේ රට ගොඩගන්න පුළුවන් කාටද කියන එකයි වැදගත්.” මන්ත්‍රීවරයා කියාසිටියේය.
“අපේ රටේ අර්බුද මධ්‍යයේ වුණත් හැමෝම තමන්ගේ පක්ෂයට මුල්තැන දෙනවා. කවුරු තනතුරු දැරුවත් මේ අර්බුදයේ ස්ථාවරත්වය පවත්වාගෙන යන්න බැහැ. අපිට ජනතාව පාවා දෙන්න බැහැ. ඒ නිසා අපි රට බේරගන්න එකට හිටගන්නවා.” හෙතෙම පෙන්වා දුන්නේය.
දේශපාලන මූලෝපාය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සේනාරත්න කියාසිටියේ, දේශපාලන වශයෙන් තීරණය නොකළ ඡන්දදායකයන්ට මගපෙන්වීම සඳහා නව සන්ධානයක් අවශ්‍ය බවයි.
කෙසේවෙතත් පාවෙන ඡන්ද පහසුවෙන් ජාතික ජන බලවේගයට ලැබෙන්නේ නැති බවද ඔහු පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart