
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපනයන වෙළඳපොළේ වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි ශ්‍රී ලංකාව තවත් මුහුදු කූඩැල්ලන් අභිජනනාගාර ස්ථාපිත කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.
“යාපනය අර්ධද්වීපයේ අභිජනනාගාර තුනක් ස්ථාපිත කර තිබෙනවා. ඉතා ඉක්මණින් අපි අනෙකුත් ප්‍රදේශවලත් අභිජනනාගාර ස්ථාපිත කරනවා,” යැයි
දේවානන්දා ඇමැතිවරයා ඊයේ (අඟහරුවාදා) වාර්තාකරුවන්ට පැවසීය.
“ඒවා කළු රත්තරන් වගේ. විශේෂයෙන්ම උතුරු පළාතේ ගොවිපළවල් ගොඩක් තියෙනවා. අපිට විදේශ විනිමයත් ලැබෙනවා,” දේවානන්දා ඇමැතිවරයා පැවසුවේය.
මුහුදු පත්ලේ හමුවන අපෘෂ්ඨවංශී සත්වයකු වන මුහුදු කූඩැල්ලන් ශ්‍රී ලාංකිකයන් බහුලව පරිභෝජනය නොකරන බැවින් ඒවා චීනය වැනි රටවලට අපනයනය කෙරේ.
“මුහුදු කූඩැල්ලන්, විශේෂයෙන්ම අපේ මිනිස්සු කන්නේ නැහැ, චීනයේ ආහාරයට ගන්නවා “යැයි දේවානන්දා ඇමැතිවරයා පැවසුවේය.
පසුගිය වසරේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑමයක වටිනාකම රුපියල් 20,000-30,000ත් අතර වන බවයි.
මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට විකල්පයක් ලෙස අභිජනනාගාර පිහිටුවීමට ඇමැති දේවානන්දා යෝජනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart