
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ කැසිනෝවලින් සිදුවන ආදායම් අහිමිවීම හේතුවෙන් ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීම පිළිබඳව සොයාබැලීමට කඩිනම් පියවර ගන්නා ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකාව තුළ ඔන්ලයින් කැසිනෝ නීතිවිරෝධී වුවද, ඒවා නීතිය ක්‍රියාත්මක වීමකින් තොරව විවෘතව ක්‍රියාත්මක වන අතර එමඟින් රටට සැලකිය යුතු ආදායමක් අහිමි වන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) පවසයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකරන ලෙස ඉල්ලා මුදල් ඇමැතිවරයා වෙත ලිපියක් යොමුකරන ලෙසට රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නියෝග කර තිබේ.
පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව පසුගියදා (ජුනි 06) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.
කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවීමේ වැදගත්කම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් ද අවධාරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුව නියෝජනය කරන නිලධාරීන්ගේ ද අදහස වූයේ කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවීමෙන් කැසිනෝ පිළිබඳ ගැටලු රැසකට විසඳුම් ලබාගත හැකි බවයි.
විදේශ ආයෝජකයන් ගෙන්වාගැනීමට සහ කැසිනෝ ව්‍යාපාරයෙන් රජයට ලැබිය යුතු ආදායම ලබාගැනීමට ඉතා වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති තවදුරටත් ප්‍රමාද නොකර කඩිනම් පියවර ගන්නා ලෙස ද ආචාර්ය හර්ෂ ද සිල්වා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart