
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී අදියර 07 ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථිපල මීට සුළු මොහොතකට පෙර නිකුත් විය.
ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණයේ ජය හිමිකර ගත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයයි.
ඉන්දීය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරම ලද මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව මෝදිගේ සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 543 න් ආසන 292 ක් හිමිකර ගෙන තිබේ.
කොංග්රස් පක්ෂයේ නියෝජනයෙන් යුත් ඉන්දියානු ජාතික සංවර්ධන ඇතුළත් සන්ධානය නැතහොත් “ඉන්දියා” (I.N.D.I.A) සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 232 ක් හිමිකර ගෙන තිබේ.
සුළු පක්ෂ සඳහා ආසන 19 ක බලය හිමිව ඇත.
මහ මැතිවරණයට පෙර නිකුත් වූ පූර්ව මැතිවරණ මතවිමසුම් අනාවැකි පළ කළේ මෙවර මහ මැතිවරණයේදී මෝදිගේ නායකත්වයෙන් යුත් සන්ධානය බහුතර බලය ද සහිතව පාර්ලිමේන්තුවේ බලය හිමිකර ගනු ඇති බවයි.
එහෙත් මෝදි ප්රමුඛ සන්ධානයට මෙවර එවැනි වාර්තාගත ජයක් ලබා ගැනීමට නොහැකි වීම ඉන්දීය දේශපාලන කරළිය තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ.
එමෙන්ම විපක්ෂ සන්ධානය අපේක්ෂිත ආසන සංඛ්‍යාව ඉක්මවා ආසන හිමිකර ගනිමින් අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රබල අභියෝගයක් එල්ල කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2019 වසරේ පැවැති මහ මැතිවරණයේදී මෝදිගේ නායකත්වයෙන් යුත් පාලන බී ජේ පී පක්ෂය ප්රමුඛ NDA සන්ධානය හිමි කර ගත් ආසන සංඛ්‍යාව 352 ක්.
එහෙත් මෙවර එම ආසන සංඛ්‍යාව හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් හිමිකර ගැනීමට මෝදි අපොහොසත් වීම ඔහුට එල්ල වූ දැඩි අහියෝගයක් ලෙස ද සැලකේ.
එහෙත් තුන්වැනි වරටත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය හිමිකර ගැනීමට සමත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart