
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ගෘහ ඒකකවල ණය ප්‍රමාණයන් ඉහළ ගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම අඩු සාක්ෂරතාවක් ඇති කාන්තා ණය ගැතියන් ඔවුන්ට බලපාන නීතිමය ගැටලු තේරුම් ගැනීමට හැකියාවක් නොමැතිව ඔවුන් අත්සන් කළ ණය ගිවිසුම් නිසා පීඩාවට පත්ව ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමඟ එක්ව මෑතකදී කරන ලද අවදානම් වාර්තාවකට අනුව ණය ගැතියන් අතර, විශේෂයෙන්ම කාන්තා මූලික පවුල්වල මූල්‍ය සාක්ෂරතාවයේ ඌනතාව ඔවුන්ගේ අවදානමට දායක වන බව සොයාගෙන ඇත.
“බොහෝ විට කාන්තාවන්ට ඔවුන්ට නොතේරෙන භාෂාවකින් ගිවිසුම් අත්සන් කිරීමට බල කෙරුණා. ඔවුන් ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ වගකීම් හෝ ණය ගැනීමේ කොන්දේසි දැන සිටියේ නැහැ. මූලික මූල්‍ය සාක්ෂරතාව නොමැතිකම නිසා ඔවුන්ට බොහෝ විට දුර්වල මූල්‍ය තීරණ ගැනීමට බලකෙරුණා”යැයි ඇය පැවසුවාය.
මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්, ණය කළමනාකරණ උපාය මාර්ග සහ ජීවනෝපාය විවිධාංගීකරණ විකල්ප මගින් උග්‍ර ණය අවදානම්වලට විසඳුම් ලබා දිය හැකි බව කුබෝටා පෙන්වාදුන්නාය.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රජාවන් මුහුණ දෙන අවදානම් අවම කිරීම සඳහා මූල්‍ය සාක්ෂරතාවයට වැදගත් කාර්යභාරයක් ඇති බව ද ඇය පැවසුවාය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ මොඩියුල සංවර්ධනය කිරීම, උපදේශන ව්‍යාපාරයක් සැලසුම් කිරීම සහ විශේෂයෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි සේවය කරන තරුණ තරුණියන් සහ කාන්තාවන් අතර අන්තර්ගතය බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සිය තාක්ෂණික විශේෂඥතාව ලබා දෙන බව ද ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart