
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 හෝ 12 යන සෙනසුරාදා දින දෙකෙන් එකක පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මැතිවරණ පැවැත්විය හැකි දිනයන් පිළිබඳ මැතිවරණ කොමිසම අවධානය යොමු කිරීමේ දී සෙනසුරාදා දිනයන් වන මෙම දින දෙක සළකා බලා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාව නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධානවලට අනුකූලව මෙම වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.
නීත්‍යනුකූලව, මේ වසරේ ජූලි 17 වැනිදායින් පසු නාමයෝජනා භාරගන්නා දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇත.
නිවේදනයෙන් දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා භාර ගත යුතුය.
පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ අවම වශයෙන් දින 28ක සහ උපරිම දින 42ක කාලයක් ප්රචාරක කටයුතු සඳහා ලබාදිය යුතු බව කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වාදෙයි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ ඔවුන් මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් ඉල්ලා ඇති අතර අවශ්‍යතාව අනුව ඔවුන් අරමුදල් ඉල්ලා සිටින බවයි.
කෙසේවෙතත් අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුවහොත් වියදම් මෙන්ම කාලය ද වැඩි විය හැකි බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart