
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබද්දෙන් නිදහස් වාහන බලපත්‍ර ලබාදීම පාර්ලිමේන්තුවෙන්ම අනුමත කර ගැනීම සඳහා මැතිසබයට විශේෂ යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
ලබන මාසයේදී මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්මන් පාර්ලිමේන්තුව පත්වූ පසුව කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදුන්නේ නැත.
පසුගියදා 117 දෙනකුගේ අත්සනින් කථානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කළ මන්ත්‍රී පිරිසක් තමන්ට අදාළ වාහන බලපත්‍රය කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි.
කතානායකවරයා එම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමුකළ බව පසුව වාර්තා විය.
ඉදිරි මැතිවරණ සඳහා වැයකිරීමට තමන්ට මුදල් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් කතානායකවරයා වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart