
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලය, වාලච්චේන ප්‍රදේශයේදී බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් එක් ශ්‍රී ලාංකික ධීවරයකු මියගොස් තවත් ධීවරයකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ධීවරයන් පස්දෙනකු වාලච්චේන ධීවර වරායෙන් බහුදින ධීවර කර්මාන්තය සඳහා මැයි 12 වැනිදා පිටත්ව ගොස් ඇති අතර, වෙරළට කිලෝමීටර් 47ක් පමණ ඔබ්බෙන් මෙම අනතුර සිදුව ඇත.
ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මියගොස් ඇත්තේ නින්දවූර් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් වන අතර, අතුරුදන්ව ඇත්තේ ඔලුවිල් ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර, අනතුරින් තුවාල ලැබූ අදාළ යාත්‍රාවේ සිටි තවත් ධීවරයකු ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.
යාත්‍රාවේ සිටි ඉතිරි ධීවරයන් දෙදෙනා නිරුපද්‍රිතව සිටින බව පොලිසිය තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart