
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කවරක්කුලම හන්දියේදී යතුරුපැදියක් පැදවූ අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මතට පාර අයිනේ ගසක් කඩාවැටීමෙන් ඔවුන් බරපතළ තුවාල ලබා තිබේ.
ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් එක් අයකුගේ කොඳු ඇට පෙළට සිදුවූ තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
මෙහිදී තුවාල ලබා ඇත්තේ දඹුල්ල පොලිසියේ සහ මරදන්කඩවල පොලිසියේ කොස්තාපල්වරු දෙදෙනෙකි.
පොලිසිය පැවසුවේ, පොලිස් නිලධාරීන් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා යතුරුපැදි තුනකින් අනුරාධපුරය බලා යමින් සිටියදී මෙම අනතුරට ගොදුරුවී ඇති බවයි.
කවරක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart