
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් වලස්මුල්ල මූලික රෝහලේ හදිසි ප්රතිකාර ඒකකය (ETU) සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
පසුගිය සිකුරාදා (10) සිදු වූ අකුණු සැර වැදීමත් සමඟ ඇති වූ ගින්නෙන් එම ඒකකවල තිබූ විදුලි උපකරණ සියල්ල විනාශ වී ඇති අතර ගොඩනැගිල්ලට ද හානි සිදුව තිබේ.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඊයේ (11) එම රෝහලට ගොස් සිදුවූ අලාභහානි සොයා බැලීමට පියවර ගත්තේය.
අකුණු සැර වැදීමෙන් හදිසි ප්රතිකාර ඒකකයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 50ක් පමණ වෙතැයි ගණන් බලා ඇති බව ඔහු පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ ඇමැතිවරයා මෙම හදිසි ප්රතිකාර ඒකකය ප්රතිසංස්කරණය කිරීමට මුදල් වෙන් කරන බවත් ආණ්ඩුකාරවරයා අද රෝහල නිරීක්ෂණය කරන බවත් පැවැසීය.
අකුණු සැර වැදීම සිදුවන අවස්ථාවේ එම ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකුට තුවාල සිදුවී නොමැත.
කෙසේවෙතත්, අකුණු සැර වැදීමෙන් පසුව ඇතිවූ ගින්න හේතුවෙන් රෝගීන් පිටතට ගැනීමට දැඩි පරිශ්රමයක් දැරීමට සිදුවූ බව රෝහල් කාර්ය මණ්ඩලය ඇමැතිවරයාට ප්රකාශකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart