
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්ලැඩිමීර් පුටින් නව වසර හයක ධුර කාලයක් සඳහා රුසියාවේ ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.
ඒ, මොස්කව් නුවර පිහිටි ක්‍රෙම්ලිනයේ පැවැති විශේෂ උත්සවයකදීය.
රටවල් රැසක තානාපතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහා එම උත්සවයට ආරාධනාකර තිබිණි.
එහෙත් යුක්රේන යුද්ධය හේතුවෙන් අමෙරිකාව සහ තවත් බටහිර හා යුරෝපා රටවල් කිහිපයක්ම එම උත්සවය වර්ජනය කළ බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
එහෙත් ඇතම් විදෙස් ජනමාධ්‍ය පැවසුවේ යුක්‍රේනයේ ඉල්ලීම නොතකා ප්‍රංශය සිය නියෝජිතයකු ඒ සඳහා සහභාගි කරවූ බවයි.
1999 සිට රුසියාවේ ජනාධිපති හෝ අගමැති ලෙස බලයේ සිටින පුටින්, ඔහුගේ නව ජනවරම ආරම්භ කරන්නේ ඔහු යුක්රේන ආක්‍රමණය ආරම්භ කර වසර දෙකකින් අනතුරුවයි.
71 වන වියේ පසුවන පුටින් එරට දේශපාලන කරළියේ ආධිපත්‍යය දරයි.
“රුසියාව සඳහා, මෙය මාවතේ අඛණ්ඩ පැවැත්මයි, මෙය ස්ථාවරයි. ඔබට වීදියේ සිටින ඕනෑම පුරවැසියෙකුගෙන් විමසිය හැකිය, ”පුටින්ගේ සමීප මිතුරෙකු වන සර්ජි චෙමෙසොව් උත්සවයට පෙර රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
ඔහුගේ හොඳම ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නි මාසයකට පෙර ආක්ටික් හි පිහිටි බන්ධනාගාරයක් තුළ මිය ගියේය.
පුටින්ගේ අනෙකුත් ප්‍රමුඛ ප්‍රතිවිරුද්ධ මතධාරීන් සිරගතව හෝ විදේශගතව සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart