
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමා සංචාරක ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට සඳහන් වෙමින් හුවමාරුවන ලිපිය අසත්‍ය එකක් බව ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා පවසා ඇත්තේ, අදාළ ලිපියේ දිනය ද මාසයකට පෙර එකක් බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වන බවට තර්ජනය කර ඇති බව වාර්තා විය.
නව වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර ඇති ඇමැති ප්‍රනාන්දු, නව වීසා ක්‍රමය කිසිදු වෙනසක් නොමැතිව අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් තමා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයිද පැවසිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart