
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද පස්වරුවේ වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් අතරතුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු පාලනය කිරීමට යෑමේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
එම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
ඔහු වීදුරු බෝතලයකින් තම බිරිඳගේ ගෙළ කපා බරපතළ තුවාල සිදුකර ඇති බව ද පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳ තොරතුරක් ලැබීමත් සමඟ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබේ.
එහිදී සැකකරු පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩිතබා ඇතත් එය අසාර්ථක වී ඇත.
පසුව පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart