
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළමු ඉන්දු – රුසියා ආයෝජන සමුළුව ඉකුත් දා රුසියාවේදී පැවැත්වුණි.
ඒ ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර් සිං, රුසියාවේ ඉන්දීය තානාපති විනේ කුමාර් සහ රුසියානු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ව්ලැඩිමීර් ඉලිචෙව්ගේ ප්‍රධානත්වයෙනි.
ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් මොස්කව්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සහ ඉන්වෙස්ට් ඉන්දියා ආයතනය සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී.
ඉන්දියානු සහ රුසියානු ව්‍යාපාරික නියෝජිතයින්, ව්‍යවසායකයින්, මූල්‍ය ආයතන, කර්මාන්ත සංගම් සහ රාජ්‍ය නිලධාරීන් 270 කට වැඩි පිරිසක් ආයෝජන සංසදයට සහභාගි වී තිබේ.
වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර් සිං පවසා ඇත්තේ දෙරටේ ආර්ථික ස්ථාවරත්වය දෙරටටම ඉතා ලාභදායී බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart