May 2, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට නීතීඥවරුන් පස්දෙනකු වෙත ජ්‍යෙෂ්ඨ උපදේශක නීතීඥවරුන්ගේ ගෞරව සම්මානය පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

ඒ අනුව ආචාර්ය ජේ.එම් ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන 2023 අංක 26 දරන පනතට අනුව ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥවරුන්ගේ ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත.