
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි හොංකොං හි තානාපති කාර්යාලය ඉදිරිපිට වීදිය “ජිමී ලායි වේ” ලෙස නම් කිරීමට අමෙරිකාවේ කොංග්‍රස් සභිකයින් දෙදෙනෙකු පනතක් ඉදිරිපත් කර තිබේ.
ඒ, සිරගත කර සිටින හොංකොං හි ව්‍යවසායක ජිමී ලායිට ගෞරවයක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත තුළ නිල වශයෙන් හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලය ලෙස හඳුන්වන තානාපති කාර්යාලයේ තැපැල් ලිපිනයේ නම වෙනස් කිරීමට අදාළ කරුණු ද ඇතුළත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නිව් ජර්සි හි නියෝජිත ක්‍රිස් ස්මිත් ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කර ඇත.
ඒ, නිව් යෝර්ක් හි නියෝජිත ටොම් සුසී සමග ඒකාබද්ධවයි.
සුප්‍රසිද්ධ හොංකොං මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ව්‍යවසායකයෙකු ද වන ජිමී ලායි, හොංකොං බලධාරීන් විසින් අසාධාරණ ලෙස සිරගත කර සිටින බවට ඔවුන් චෝදනා කරයි.
ජිමී ලායිට ගෞරව කිරීමට අවශ්‍ය බව පවසමින් ඔවුන් මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
හොංකොං මාධ්‍ය සමූහයේ සාමාජික 76 හැවිරිදි ජිමී ලායි එරට Next Digital හි නිර්මාතෘවරයා ද වේ.
වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමෙන් පසු ඉකුත් දෙසැම්බරයේදී හොංකොං බලධාරීන් ජිමී ලායි සිරගත කරන ලදී.
හොංකොං ජාතික ආරක්ෂක නීතිය යටතේ “ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සඳහා විදේශ රටවල් හෝ බාහිර බලවේග සමඟ කුමන්ත්‍රණය කිරීම’ සම්බන්ධයෙන් ද බලධාරීන් ඔහුට චෝදනා එල්ල කර ඇත.
ඒ සම්බන්ධයෙන් වන නඩුව තවමත් විභාග වන අතර ලායිට ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart