
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ චීන සංචාරයෙන් අනතුරුව තායිවානය චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ බ්ලින්කන්ගේ චීන සංචාරය අවසන් කර දිනකට පසුවයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීමෙන් පසු චීන හමුදාවෙන් සිය රටට එල්ල කෙරෙන බලපෑම් ඉහළ ගොස් ඇතැයි තායිවානය පවසයි.
ඒ අනුව අප්‍රේල් 27 වන දින තායිවාන සමුද්‍ර සන්ධියේ සංවේදී මධ්‍ය රේඛාව හරහා ගුවන් යානා 12 ක් සමඟ දිවයින ආසන්නයේ චීන හමුදා ක්‍රියාකාරකම් අලුත් වූ බවට තායිවානය චෝදනා කර ඇත.
තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ අප්‍රේල් 27 වන දින එරට වේලාවෙන් උදේ 9.30 සිට, චීන හමුදාවට අයත් Su-30 වර්ගයේ ප්‍රහාරක යානා ඇතුළුව චීන හමුදා ගුවන් යානා 22 ක් දිවයින ආසන්නයෙන් පියාසර කළ බවයි.
ඉන් 12 ක් මධ්‍ය රේඛාව හරහා තායිවානයේ උතුරට සහ මැදට පියාසර කළ බව ද එම අමාත්‍යංශය පවසා ඇත.
විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද අමෙරිකාව යනු තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර ආධාරකරු සහ ආයුධ සැපයුම්කරු බවට පත්ව සිටියි.
කෙසේවෙතත් ඇන්තනී බ්ලින්කන් චීනයේදී පවසා තිබුණේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ තීරණාත්මක වැදගත්කම තමන් දැඩිව අවධාරණය කළ බවයි.
ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වන තායිවානය, සිය රටට අයත් කොටසක් බව චීනය පවසයි.
එහෙත් සිය රට ස්වාධීන රටක් බව පවසන තායිවානය චීනයේ මැදිහත්වීම් තරයේ ප්‍රතික්ෂේප කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart