
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හමුවීම සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස කැනඩාවේ පීල් පළාත් පොලිස් බලකායේ ප්‍රධානියාට මහජනතාවගෙන් සහ මහජන නියෝජිතයන්ගෙන් බලපෑම් වැඩි වෙමින් පවතින බව කැනඩාවේ Global Media වාර්තා කරයි.
ටොරොන්ටෝ නගර සභා මන්ත්‍රී පාර්ති කන්දවේල් ඇතුළු දෙමළ කැනේඩියානුවන් ඔහුගේ මෙම සංචාරය හඳුන්වනු ලබන්නේ සියලු කැනේඩියානුවන් දැඩි ලෙස කලබලයට පත් කරවනසුළු එකක් ලෙසයි.
පීල් ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී නිෂාන් දොරේඅප්පා කැනඩාවේ තුන්වැනි විශාලතම නාගරික පොලිස් සේවයට නායකත්වය දෙයි.
දොරේඅප්පා මෑතක දී ඔහු උපන් රට වන ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ “පෞද්ගලික චාරිකාවක්” සඳහා බව පීල් පොලිසිය විස්තර කර තිබිණි.
දොරේඅප්පා පසුගිය දෙසැම්බර් 29 වැනි දින කොළඹදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ පෙනී සිටින ඡායාරූප මෙරට මාධ්‍ය ඔස්සේ පළවී තිබිණි.
ඊට සති දෙකකට පෙර, මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් මිනිසකු අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීමට සම්බන්ධ බවයි.
දොරේඅප්පා ඔහු හමුවීම මගින් දෙමළ කැනේඩියානුවන් රිදවා ඇති බවත් මෙම සංචාරය සඳහා ඔහු සම්පූර්ණ සහ පැහැදිලි සමාව ඉල්ලා සිටිය යුතු බවත් කන්දවේල් Global Media වෙත පවසා තිබේ.
කැනේඩියානු රාජකීය පොලිසිය පවසන්නේ තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව ගැන කල් ඇතිව දොරේඅප්පාට දැනුම් දුන් බවයි.
මේ අතර පීල් පොලිස් මණ්ඩලය ඔහුට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ඔහු විසින් කැනඩාවේ වෙසෙන ප්‍රජාව අපහසුතාවට පත්ව ඇති බවත් පීල් ප්‍රාදේශීය කම්කරු කවුන්සිලයේ සභාපති රාම් සෙල්වරාජා ප්‍රකාශ කර තිබේ.
වසර පහකට පෙර පීල් පොලිසියේ ප්‍රධානියා ලෙස දොරේඅප්පා පත් කිරීම දෙමළ කැනේඩියානුවන්ට ආඩම්බරයක් වූ බව ද සෙල්වරාජා පැවසීය.
“පොලිස් නිලධාරීන් කී දෙනෙක් නිවාඩුවට ඔවුන්ගේ නිල ඇඳුම අරගෙන යනවද කියලා මම දන්නේ නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart