
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාරවලින් පිටත සිදුවන නීතිවිරෝධී ක්‍රියාවන්ට බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සම්බන්ධවීම වැළැක්වීම සඳහා පොලිසිය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ‘අමුත්තන්’ ලෙස රැඳවියන් සමඟ සබඳතා පවත්වන පිටස්තරයන් නිරීක්ෂණය කිරීම සිදුවනු ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ අමුත්තන් ලෙස පැමිණෙන පුද්ගලයන් හරහා අපරාධ ක්‍රියාවල නිරත වන රැඳවියන් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි.
මේ සඳහා යොදවා ඇති කණ්ඩායම් විශේෂයෙන් රැඳවියන්ගේ ඥාතීන් හැර රැඳවියන් බැලීමට යන්නේ කවුරුන්ද යන්න සහ ඔවුන් මෙම රැඳවියන් බැලීමට යන්නේ සැබෑ අවශ්‍යතාවයක් නිසාද අපරාධ ක්‍රියාකාරකම්වලට ආධාර කිරීම සඳහාද යන්න නිරීක්ෂණය කරන බව ඔහු පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව මේ වන විට ඒ සඳහා පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබේ.
බන්ධනාගාර තුළ සිදුවන හෝ ආරම්භ කරන අපරාධ ක්‍රියා සැළකිල්ලට ගෙන බන්ධනාගාර තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා නිරීක්ෂණය කිරීම සහ වැළැක්වීම සඳහා රහසිගත පොලිස් නිලධාරීන් යෙදවීමේ මෙහෙයුමක් පොලිසිය ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපුටා දක්වමින් පසුගියදා මාධ්‍ය වාර්තා පළවී තිබිණි.
දිවයින පුරා පිහිටි බන්ධනාගාර 15ක සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බවත්, එම බන්ධනාගාරවලට රහසිගත නිලධාරීන් ලෙස විශේෂ පොලිස් කණ්ඩායම් 15ක් යොදවා ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
( The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart