
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැනමා ධජය සහිත බොරතෙල් නැවකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සමුද්‍ර ආරක්ෂක සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය යුද නෞකාව වන INS Kochi ඉරිදා ප්‍රතිචාර දැක්වූ බව ඉන්දීය නාවික හමුදාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කළේ අනතුරට පත් තෙල් නැව ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් සොයා ගැනුනු බවයි.
අනතුරුව එය ඉන්දීය නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර තත්ත්වය තක්සේරු කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ හෙලිකොප්ටයක් මගින් ගුවනින් නැවත සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.
මීට අමතරව, අවශේෂ අවදානම් තක්සේරු කිරීම සඳහා පිපිරුම් ද්‍රව්‍ය බැහැර කිරීමේ කණ්ඩායමක් ද ආපදාවට ලක් වූ යාත්‍රාවට යොදවා ඇත.
නෞකාවේ කාර්ය මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විතයි.
ඒ අතර ඉන්දියානු ජාතිකයන් 22 දෙදෙනෙකුද සිටියි.
රතු මුහුදු කලාපය හරහා ගමන් කරන නාවිකයින් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ කැපවීම සහ අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බව ද ඉන්දීය නාවික හමුදාව පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart