
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත චීනයේ ඔත්තුකරුවන් බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු ලන්ඩනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ජර්මනියේදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුවයි.
ලන්ඩනයේදී චෝදනාවට ලක්වූ එක් අයෙකු පාර්ලිමේන්තු පර්යේෂකයෙකු වන බව වාර්තා වෙයි.
ඔහුට චීනයට එරෙහි බ්‍රිතාන්‍යයේ ප්‍රතිපත්තියට බලපෑම් කළ හැකි දේශපාලනඥයන් කිහිප දෙනෙකුට ප්‍රවේශ විය හැකි බව ද හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ද දේශපාලඥයින් සමග සම්බන්ධතා පවත්වන අයෙක්.
සැකකරු ජර්මනියේ අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂයකට අයත් යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සහායකයෙකි.
එබැවින්, චීන ඔත්තු බැලීමේ උත්සහය මෑත වසරවල යුරෝපය, බ්‍රිතාන්‍ය සිට ජර්මනිය, නෙදර්ලන්තය සහ යුරෝපීය සංගමයේ හදවත වන බෙල්ජියම දක්වා බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජර්මනියේ කෘෂිකාර්මික අංශය සම්බන්ධයෙන් රට සමඟ යම් ගනුදෙනුවක් කිරීමට ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මෑතකදී චීනය වෙත ගොස් දින කිහිපයකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම විශේෂත්වයක්.
එවන් පසුබිමක් තුළ චීන ජනාධිපති ෂී ජින්පින් ද ඉදිරි සතිවලදී පැරිස්, බුඩාපෙස්ට් සහ බෙල්ග්‍රේඩ් හි සංචාරය කිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, ජර්මනියේ සහ ලන්ඩනයේ පිහිටි චීන තානාපති කාර්යාල ඔත්තු බැලීමේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇත.
ඒවා චීනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය හීන කිරීමේ උත්සාහයක් බව චීන තානාපති කාර්යාලය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart