
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ මෙට්රොපොලිටන් පොලිස් නිලධාරියකු අපරාධකරුවකු ලෙස වරදවා වටහාගෙන ශ්රී ලංකාවෙන් පැමිණි අහිංසක පුගලයකුට පහරදීම සම්බන්ධයෙන් වරදකරු වී තිබේ.
අපරාධකරුවා යැයි සිතූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියාට සති 12ක අත්හිටවූ සිරදඬුවමක් ලබා දී ඇත.
2022 වසරේ දී නැගෙනහිර ලන්ඩනයේ රොම්ෆෝර්ඩ්හි වෙළඳසලකට තර්ජන කර අලාභහානි කළ පුද්ගලයකු පිළිබඳ පැමිණිල්ලක් අනුව පොලිස් කොස්තාපල් ජොනතන් මාෂ් පැමිණ තිබේ.
එහිදී පහර දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 999 අමතා පැමිණිල්ල සිදුකළ රසික අත්තනායකවයි.
වෙස්ට්මිනිස්ටර් මහේස්ත්රාත්වරයා මාෂ්ට පැය 150ක පඩි රහිත වැඩ කිරීම සඳහා දඬුවමක් ද පැනවූ අතර වන්දි වශයෙන් පවුම් 1,500ක් ගෙවීමට ද නියම කර තිබේ.
මාෂ් මීට පෙර අධිකරණය හමුවේ ප්රකාශ කර තිබුණේ රසික අත්තනායක පොලිසියට ලබා දී ඇති විස්තරය සමග ගැළපුණු නිසා ඔහු සැකකරු යැයි වරදවා වටහා ගත් බවයි.
ඔහු අත්තනායක බිමට ඇදගෙන ගොස් ඔහුට බැන වදිමින් හිස පිටුපසට පහර දෙන අයුරු පොලිසිය පැළඳ සිටි බොඩිකැම් දර්ශන මගින් අධිකරණයට නිරීක්ෂණය විය.
එසෙක්ස්හි කැන්වි දූපතේ පදිංචිකරුවකු වන මාෂ්ට චෝදනා එල්ල වූයේ පොලිස් හැසිරීම් පිළිබඳ ස්වාධීන කාර්යාලය විසින් කරන ලද පරීක්ෂණයකින් පසුවය.
ඔහු දැනට සීමිත රාජකාරිවල යොදවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart