
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බළකාය විසින් මඩකලපුව ගාන්ධි උද්‍යානයේ දී රුපියල් ලක්ෂ 25ක් වටිනා ගජමුතු 11ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මයිලවෙට්ටුවාන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත කල්මුණේ කඳවුරේ නිලධාරීන් ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකර තිබේ.
විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගාන්ධි උද්‍යානයේ වෙස්වලාගෙන සිටිමින් කළ නිරීක්ෂණ කටයුතුවලදී සැකකරු හඳුනාගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවපොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart