
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්තානයේ දකුණු වසිරිස්තානයේ රාජකාරියේ යෙදී සිටි දිස්ත්‍රික් හා සැසි විනිසුරු ශකිරුල්ලා මර්වාට්, කයිබර් පක්තුන්ක්වා හි ඩෙරා ඉස්මයිල් ඛාන් යන මායිම් ප්‍රදේශය අසලදී පැහැර ගෙන ගොස් තිබේ.
පොලීසිය උපුටා දක්වමින් පකිස්තානයේ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ විනිසුරුවරයාව සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.
ඩෙරා ඉස්මයිල් ඛාන් හි නියෝජ්‍ය පොලිස් අධිකාරී මොහොමඩ් අද්නාන් විසින් සිද්ධිය තහවුරු කර තිබේ.
විනිසුරුවරයා කාර්යාලයේ සිට ඩෙරා ඉස්මයිල් ඛාන් වෙත පැමිණෙමින් සිටියදී බග්වාල් ගම්මානය ආසන්නයේ ඔහු පැහැර ගෙන ගොස් ඇතැයි සඳහන්.
සන්නද්ධ පිරිස විසින් විනිසුරුවරයාගේ මෝටර් රථය සහ රියදුරු එම ස්ථානයේම දමා ගොස් ඇති බව පොලිස් නිලධාරියා පවසා තිබේ.
විනිසුරුවරයා පැහැරගෙන යාමේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශවයක් විසින් භාරගෙන නොමැති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart