
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්ථානය පුරා නගරවලින් වාර්තා වන අපරාධ සිදුවීම් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අතරින් කරච්චිය නගරය පකිස්තානයේ වඩාත්ම අනාරක්ෂිත නගරය බවට පත්ව ඇති බව සඳහන්.
නවතම වාර්තා අනුව වසරේ ගතවූ කාලය තුළදී කරච්චි නගරයේ සිදුවූ අපරාධවලට අදාළව විවිධ සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.
මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල කරච්චි නුවර අපරාධ දත්ත රැස් කරන සංවිධානයක් වන පුරවැසි පොලිස් සම්බන්ධතා කමිටුව විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව අපරාධ සම්බන්ධ සිදුවීම් හේතුවෙන් නගරයේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 106 ක් බව සඳහන් කර ඇත.
කප්පම් ගැනීම සඳහා පැහැරගෙන යාමේ සිද්ධීන් 11 ක් මෙම වසරේ ගතවූ කාලය තුළදී පකිස්තානයෙන් වාර්තා වී ඇත.
එම කාලය තුලදී යතුරුපැදි 10,488 ක් සහ මෝටර් රථ 441 ක් සොරකම් කර ඇති බව ද සඳහන්.
ජංගම දුරකථන පැහැරගැනීමේ සිද්ධීන් 4,000 ක් පමණ ද වසරේ ගතවූ කාලය තුළදී පකිස්තානයෙන් වාර්තා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart