
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුව තිබේ.
එරට මාධ්‍ය පැවසුවේ එක් බෝම්බයක් පුපුරා ගොස් ඇත්තේ කෙටා ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් ආසන්නයේ බවයි.
අනෙක් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ කාර්යයබහුල පොදු වෙළඳ සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින්.
එම අවස්ථාවේදී රාමසාන් උපවාස සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණි කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වෙළඳ සංකීර්ණය පිරී පැවැති බව විදෙස් මාධ්‍ය පවසයි.
බෝම්බ පිපිරීම් හමුවේ පොලිස් නිලධාරියෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි සඳහන්.
තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart