
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාශ්මීර ගැටළුවට ඉරානය ඈඳා ගැනීමට පකිස්තානය දැරූ උත්සහයක් අසාර්ථක වී තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඉකුත් දා තෙදින සංචාරයක් සඳහා පකිස්තානයට පැමිණි අවස්ථාවේදී පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් කාශ්මීර ප්‍රශ්නය මතු කිරීමට උත්සාහ දැරූ බවයි.
එහෙත් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි එම උත්සහය ව්‍යර්ථ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම සංචාරය අතරතුර නායකයින් දෙපළ අතර පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද සහභාගි වී ඇත.
එහිදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා කාශ්මීර ආරවුල සම්බන්ධයෙන් පාකිස්තානයේ පැත්ත ගැනීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයාට ස්තුතිය පළකර ඇතැයි වාර්තා කර තිබේ.
කාශ්මීර ප්‍රශ්නය සඳහා ඉරානය දක්වන සහයෝගයට ස්තූතිවන්ත වන බව ෂරීෆ් ප්‍රකාශ කර තිබුණි.
දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය අවශ්‍යතා සහ කලාපීය සැලකිල්ල පිළිබඳ කරුණු හඳුනාගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු එකඟ වී ඇති බව ද සඳහන්.
එහෙත් කාශ්මීර ප්‍රකාශය සම්බන්ධයෙන් , ඉරාන ජනාධිපතිවරයාගෙන් කිසිදු සහයෝගයක් ලබා ගැනීමට පකිස්තාන අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරාන ජනාධිපතිවරයා කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති අතර ඊශ්‍රායල-පලස්තීන ගැටුම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart