
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පසුගියදා තමන්ට එල්ල කරන ලද චෝදනා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
250කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් සහ තවත් සිය ගණනකට තුවාල සිදු කළ සංහාරයේ 5 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදී කාදිනල්වරයා විසින් කරන ලද එවැනි චෝදනා හතරක් පිළිබඳ සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
පළමු චෝදනාවට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව තමා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු තමන් කාදිනල්තුමාට දුරකථනයෙන් කතා නොකළ බවයි.
එසේම ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි පැවසූ බව ද ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.
දෙවැනි චෝදනාව සම්බන්ධයෙන් ඔහු අවධාරණය කළේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල් හිමිපාණන් වෙත භාරදීමේ ‘ප්‍රමාදයක් සිදු නොවූ’ බවයි.
“ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මට භාර දුන්නේ 2021 පෙබරවාරි 01 වැනිදා. එය මා විසින්ම අධ්‍යයනය කර නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව 2021 පෙබරවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත භාරදී 2021 මාර්තු 01 වැනිදා වන විට එහි පිටපත් ලබාදී තිබුණා. මහානායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික රදගුරු හිමිවරුන්ට එහි පිටපත් ලබා දුන්නා.” යනුවෙන් ද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විවිධ කමිටු සහ කොමිෂන් සභා මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශවලින් කිහිපයක් පමණක් තෝරා බේරා ක්‍රියාත්මක කරන ලෙස තමන් සය පුද්ගල කැබිනට් අනුකමිටුවෙන් ඉල්ලා නොසිටි බවද ඔහු පැහැදිලි කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ස්ථාන මාරු කිරීම සහ විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා එවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සිරගත කිරීම හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් තවදුරටත් ප්‍රතික්ෂේප කර තිබේ.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් රංජිත් හිමිපාණන් තමන්ට දිගින් දිගටම ‘ඉවක් බවක් නොමැතිව පහර දීම සහ විවේචනය’ කිරීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ රාජපක්ෂ, ප්‍රහාරය වැළැක්වීමට අසමත් වීම එවක සිටි අධ්යක්ෂවරයා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසාර්ථක වීමක් බව ද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart