
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාතාල අපරාධ මැඩපැවැත්වීමට විශේෂ කාර්ය බළකා පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100කගෙන් සමන්විත යතුරුපැදි කණ්ඩායම් 50ක් බස්නාහිර සහ දකුණු පළාත්වලට යොදවා තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ‘යුක්තිය’මෙහෙයුමට සමගාමීව මෙම කණ්ඩායම් අනුයුක්ත කර තිබේ.
ඒ අනුව කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු කඳවුරේ සති 02ක පුහුණුව සාර්ථකව අවසන් කළ එම කණ්ඩායම ද විසිර ගියහ.
මෙම විශේෂ පුහුණුව ලත් යතුරු පැදි කණ්ඩායම් අද දින සිට බස්නාහිර සහ දකුණ පළාතේ විශේෂයෙන් හඳුනාගත් පොලිස් වසම් ආවරණය වන පරිදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
අපරාධකරුවන් වෙත ක්ෂණිකව හඹාගොස් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් ක්රියාත්මක වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart