
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් ඛණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදූ බව කියන සිවිල් ඉංජිනේරුවකු කැස්බෑව හෝටලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සමග මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථය අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6032ක්, ජාවාරමින් උපයා ගත් මුදල්
බවට සැකකරන රුපියල් 220,000ක්, ජංගම දුරකථන 4ක් පොලිස් භාරයට ගෙන ඇතැයි කියයි.
සැකකරු එම හෝටලයේ නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව එයින් පිටතට පැමිණීමත් සමගම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු රුපියල් දසදහසකට අධික මුදලක් ගෙවා එම හෝටලයේ ලබාගෙන තිබූ කාමරය ද දැඩි සෝදිසියට ලක්කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කර ඇති අතර, 32 හැවිරිදි දෙමෝදර, ඇල්ල පදිංචිකරු වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලිසිය වෙත භාර දෙනු ලැබ සිටී.
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart