
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හයදෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.
2024 විමධ්‍යගත් අයවැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම සඳහා දිස්ත්‍රිත් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් විසින් ජනාධිපතිවරයා වෙත සෘජුවයි ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි අනාවරණය වී ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි සදහන් ව්‍යාපෘති යෝජනා 85ක් ක්‍රියාත්මක මට නිදහස් කර ඇති මුදල රුපියල් 50,200,000.00කි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපපෘති 89කට ජනාධිපතිවරයා විසින් වෙන්කර ඇති
මුදල රුපියල් 81,677,376.94කි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 706ක් සදහා රුපියල් 100,000,000.00ක මුදලක්ද, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නපරුම ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 89කට රුපියල් 49,986,250.00ක්ද, සමගී ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී දොස්තර කවින්ද හේෂාන් ජයවර්ධනගේ ව්‍යාපෘති 34ක් සඳහා රුපියල් 60,000,000.00ක් මුදලක්ද, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරණාතිලකගේ ව්‍යාපෘති 25කට රුපියල් 51,000,000,00ක මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කර තිබේ.
මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිගැති මුදල් චක්‍රලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කරගත යුතු බව ජනාධිපති ලේකම් විසින් අදාළ මන්ත්‍රීවරයන්ව දැනුවත් කර ඇත.
මෙම ව්‍යාපෘති හඳුනාගැනීම සිදුකර ඇති බවත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බැවින් එකී කාර්යයන් හැර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේදී අදාළ වක්‍රලේඛයක් මඟින් ලබා දී ඇති උපදෙස් අනුගනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් ටී.එම්. එස් බි. ඒකනායක විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.
තවද මෙහි ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024,07.31 දිනට පෙර ගිණුම්ගත කරන ලෙසද දනුම් දී ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart