
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් පුදුකුඩිරිප්පු මල්ලිකයිතීව් ප්‍රදේශයේ එළු ගාලක රාත්‍රී මුරට සිටි පුද්ගලයන් දෙදෙනාට පහර දුන් පිරිසක් එළු ගාලේ සිටි එළුවන් 35 දෙනෙකු 16 දා සොරකම් කර තිබේ.
ප්‍රහාරයෙන් 55 හැවිරිදි එක් මුරකරුවකු බරපතල ලෙස තුවාල ලබා ඇති අතර ඔහුව මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇත.
.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද පුදුකුඩිඉරිප්පු පොලිසිය එළුවන් හොරකම් කරන ලද පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හොරකම් කරන ලද එළුවන් 35ගෙන් එළුවන් 15ක් හා එම එළුවන් යාපනයට ප්‍රවාහනය කිරීමට යොදාගන්නා ලද වාහනයක් අත්අඩංගුවට ගෙන තිබේ.
සොයාගන්නා ලද එළුවන්ගේ වටිනාකම රුපියල් නව ලක්ෂ තිස්පන් දහසක් බවට ගණන් බලා ඇති අතර,එළුවන් 35ගේ සම්පුර්ණ වටිනාකම රුපියල් ලක්ෂ හතළිස් දෙකක් බව එළු ගාල් හිමියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වෙයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart