
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළියේ පිහිටි ඉන්දීය ටාජ් සමුද්‍රා හෝටලය සමඟ එලඹීමට තිබූ සංචාරක හෝටල් ව්‍යාපෘතිය විරෝධතා හේතුවෙන් අහිමි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටල් ව්‍යාපෘතියක් ලෙස ටාජ් සමුද්‍රා හෝටලයට ලබාදීමට රජය සැලසුම් කර ඇති බවට වාර්තා පළවීමෙන් පසු එම විරෝධතා පැවැත්විණි.
නුවරඑළිය ප්‍රසිද්ධ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමටත්, ටාජ් හෝටලය අවට ඉඩමේ හෝටලයක් ඉදිකිරීමටත් මූලිකව සැලසුම් කර තිබුණත්, ඊට එරෙහිව විරෝධතා පැවැත්වුණු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
ප්‍රදේශවාසීන් එකඟ වන්නේ නම් නුවරඑළිය සංවර්ධන සැලසුම් සමඟින් රජය ඉදිරියට යන බව ජනාධිපති වික්‍රමසිංහ පවසා තිබේ.
තැපැල් කාර්යාල ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ද යළිත් අවධාරණය කර ඇත ජනාධිපතිවරයා, යෝජිත ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට පමණක් යෝජනා කර ඇති බවද පැහැදිළි කර තිබේ.
එක් හෝටලයක් ස්ථාපිත කළහොත් ප්‍රදේශයේ තවත් හෝටල් ආරම්භ කෙරෙන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර ඇත්ත යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැගී එන දේශපාලන නායකයන් සමඟ නුවරඑළිය ජනාධිපති මන්දිරයේදි ඊයේ පැවති හමුවකදීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart