April 19, 2024

මේ වන විට බන්ධනාගාර ගතව සිටින නිළි දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වේ.

වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඔහුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් මොවුන් ලබාගෙන ඇති අතර පසුව ඉන් රුපියල් ලක්ෂ 4ක් පමණක් නැවත ලබා දී ඇති බව පැවැසේ.

මෙම සිද්ධිය සම්බන්ධව විමර්ෂණයක් මේවන විට ආරම්භ කර ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.