
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1991 වසරේ රුමේනියාවේ බූකරෙස්ට්හිදී සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් අන්තර්ජාතිකව අවශ්‍යව සිටි ශ්‍රී ලාංකික 53 හැවිරිදි පුද්ගලයකු අප්‍රේල් 23 වැනිදා රුමේනියාවට රැගෙනවිත් වසර 19ක සිර දඬුවමකට යටත් කිරීමට නියමිතව තිබේ.
ඔහු මේ වසර ආරම්භයේදී ජර්මනියේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පුද්ගලයා රුමේනියානු පොලිසියේ පිරිසක් විසින් රුමේනියාවට රැගෙන ඒමට නියමිතය.
රුමේනියානු පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ මෙම පුද්ගලයා 1991 දෙසැම්බරයේදී විදේශීය පුරවැසියකු මරාදමා ඇති බවයි.
පසුව එම විදේශිකයාව බැඳදමා කාපට් එකකින් ඔතා බූකරෙස්ට්හි පිහිටි ඔහුගේ නිවසේ සිට ක්රැන්ගාසි අසල්වැසි ප්‍රදේශයට ප්‍රවාහනය කර මොරි නම් විලට විසිකර ඇති බව ද රුමේනියානු පොලිසිය පවසයි.
මෙම අපරාධයට ඔහුට වසර 19ක සිරදඬුවමක් නියම වී ඇත.
මෙම පුද්ගලයා ජර්මනියේ සිටින බවට වාර්තා ලැබීමෙන් පසු රුමේනියානු පොලිසිය ජර්මානු පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කර පසුගිය ජනවාරි 3 වැනි දින ජර්මනියේ මෝර්ස්හිදී එම අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart