April 19, 2024

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොරටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරයකුය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවකු විසින්මේ සම්බන්ධයෙන් හෙළිකිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගනුලැබූ එක් පොලිස් නිලධාරියකු නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “ඩුබායි සම්පත්” සමඟ සබඳතා පැවැත්වූ බව වාර්තා වේ.