April 18, 2024

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය මැයි 9 දක්වා දීර්ඝ කර තිබේ.

කොළඹ දිසා අධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය පළමුවරට නිකුත්කළේ පසුගිය 4 වැනි දිනයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව එම අතුරු තහනම් නියෝගය නිකුත්කර තිබිණි.

එම අතුරු තහනම අප්‍රේල් මස 18 වැනිදා දක්වා බලපැවැත්වුනු අතර අද නඩුව යළි කැඳවූ අවස්ථාවේ අදාළ අතුරු තහනම් නියෝගය මැයි මස දක්වා මෙලෙස දීර්ඝ කර ඇත.