
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුත්කඩේ වීදි ආහාර අලෙවිසැලකදී විදේශිකයකුට හිරිහැර කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වීදි ආහාර වෙළෙන්දාට ඇප හිමිවී තිබේ.
අමෙරිකානු යූ ටියුබ් වීඩියෝ සම්පාදකයකු වන එමේකා ඉවුසේට ඉඳිආප්ප කොත්තු රොටියක මිල රුපියල් 1,900ක් පැවසීම සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රශ්නකිරීමක දී අසභ්‍ය වචන භාවිත කළ අදාළ වීදි ආහාර වෙළෙන්දා ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
අදාළ විදේශිකයා විසින් එම සිදුවීම වීඩියෝගත කර සමාජ මාධ්‍යවල ඔස්සේ ප්‍රචාරය කළ අතර, පසුව එය ප්‍රචලිත වීමත් සමඟ සංචාරක අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට අද ඇප නියම විය.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි සැකකරු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් සමඟ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart