
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචාවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා අප්‍රේල් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අප්‍රේල් 4 වැනිදා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබිණි.
දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මුදල් වංචාවකට සම්බන්ධ බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart