
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාතාල කල්ලි සාමාජිකයකු වන කෙහෙල්බැද්දර පද්මේ යන අයගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 35ක්, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් සහ උණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පාතාලය මැඩලීමේ ‘යුක්තිය’ මෙහෙයුමේ දී පෑලියගොඩ විශේෂ පාතාල අපරාධ මැඩලීමේ ඒකකය විසින් සැකකරු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කෙහෙල්බැද්දර පද්මේ යන අයගේ ගෝලයකු වන, දැනට ඩුබායිහි සසැඟව සිටින අවිශ්ක මදුසංක නොහොත් ‘කිරි කොල්ලා’ නැමැති සැකකරුගේ අපරාධ සහායකු වන නේරංජ ලක්මාල් මුණසිංහ නැමැත්තෙකි.
44 හැවිරිදි සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමග රැඳීසිටි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නම් 25 හැවිරිදි කාන්තාවද හෙරොයින් ග්‍රෑම්08යි මිලිග්‍රෑම් 215ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇය මීගමුව, කටුවැල්ලේග පදිංචිකාරියක් බවට හඳුනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart