
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් 14ක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත්කළ බව කපුගොල්ලෑව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 13 වැනිදාය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ අනුරාධපුර තිරප්පනේ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකි.
පහරකෑමට ලක්වූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇයගේ දත් 14ක් කට තුළට නෙරා ගොස් ඇති බවත්, එම දත් නැවත සකස් කිරීමට ශල්‍යකර්මයක් කළයුතු බවට දන්ත වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කර බලා නිර්දේශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
අවුරුදු හතළිහක වයසේ පසුවන මෙම කාන්තාවගේ අවුරුදු විසි එකක් වයස පුතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart