
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුත් අවුරුදු දින මිතුරන් පිරිසක් සමඟ සාදයක් පවත්වා පසුව ඇතිවූ ආරවුලකදී සිදුකළ පහරදිමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකි.
මොහු මිතුරන් පිරිසක් සමග හබරාදුව හරුමල්ගොඩ ප්ර දේශයේ දි සාදයක් පවත්වා ඇත.
එහිදි ආරවුලක් ඇතිවී තිබෙන අතර, පොලිස් කොස්තාපල්වරයා එහි සිටි අයෙකුට පහරදී තිබේ.
පැරණි අමනාපයක් මත මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart