
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වභාවධර්මය සඳහා වන ණය හුවමාරුව යටතේ කොරල් පර හෝ වැසි වනාන්තර වැනි පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා දුප්පත් රටවල ණය කපාහැර දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන සඳහා ඩොලර් බිලියන 100 ක් ලබාදිය හැකි බව නව වාර්තාවක් සකස්කර ඇත.
බ්‍රිතාන්‍ය පදනම් කරගත් පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනය (IIED) ණය අර්බුදවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අඩු සංවර්ධිත රටවල් 49න් බොහොමයක් සමග ණය හුවමාරු කර ගැනීමට ඇති හැකියාව මත මෙම ඇස්තමේන්තුව කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව බෙලීස්, ඉක්වදෝරය, බාබඩෝස් ගබෝන් සහ කැපේ වෙර්ඩේ යන රටවල් මෑත වසරවලදී එවැනි හුවමාරු කිරීම් සිදුකර ඇති රටවල් අතරට අයත්.
කෙසේවෙතත් පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනයේ තිරසාර වෙළඳපළ පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෝරා කෙලී පැවසුවේ එම රටවලින් බොහෝමයක් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් තර්ජනයට ලක්ව සිටි බවයි.
පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනයේ අරමුණ වන්නේ මෙම සතිය අගදී ආරම්භ වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු රැස්වීම්වලදී තවත් ණය හුවමාරු කිරීම් සඳහා ඉදිරියට යෑම වෙනුවෙන් දිරිමත් කිරීමයි.
එවැනි ක්‍රම යටතේ ප්‍රතිලාභ ලැබිය හැකි රටවලට පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බටහිර අප්‍රිකාවේ ගැම්බියාව ඇතුළත් බව පරිසරය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ තිරසාර වෙළඳපල පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෝරා කෙලී පෙන්වා දී ඇත.
එහෙත් එම රටවල් මුහුදු මට්ටම ඉහළ යාමේ විශාල අවදානමක් පවතින බවත්, ගංවතුර වැළැක්වීම සහ තෙත්බිම් සංරක්ෂණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කළ යුතු බවත් ඇය පැවසීය.
ශ්‍රී ලංකාව මෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එළබ සිටින ඝානාව ද ඔවුන්ගේ තවත්අපේක්ෂකයෙකි.
ඔවුන්ගේ ප්‍රධාන අපනයනවලින් එකක් වන්නේ චොක්ලට් නිෂ්පාදනය සඳහා භාවිත කරන කොකෝවා වගාවයි.
ඝානාව වැසි වනාන්තර ආරක්ෂා කිරීමට වැඩි යමක් කළහොත් ඔවුන්ට දියුණුව වෙත ලගා විය හැකියි.
“ආණ්ඩු සඳහා මෙම පියවර යම් මූල්‍ය අවකාශයක් නිර්මාණය කරයි, එමෙන්ම ගෝලීය බලපෑමක් ඇති දේශගුණය සහ සොබාදහම අනුව ප්‍රතිඵල ලබා ගැනීමට ද එය උපකාරී වේ,” බොහෝ රටවල් ඒවා කිරීමට උනන්දු වූ බව ද ලෝරා කෙලී පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart