April 15, 2024

පුස්සැල්ලාව, හෙල්බොඩ ප්‍රදේශයේ ඊයේ (ඉරිදා) සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා තිබේ.

මියගිය අය අතර අවුරුදු 2ක පිරිමි දරුවකු සහ 70 හැවිරිදි පුද්ගලයකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි.

තවද, අනතුරින් පුද්ගලයන් සිව්දෙනකු තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක වේ.